සීග්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පූර්ණ එන්නත්කරණය ලද පුද්ගලයෙකුට වූවද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව ලොව පුරා විද්‍යාඥයින් රැසක් මේ වනවිට අනාවරණය කරගෙන අවසන්.
ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මුල්වරට පසුගිය 2020 වසර අගභාගයේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් සොයා ගැනුණා.
ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සිදුකළ නවතම පර්යේෂණාත්මක අධ්‍යයනයක තොරතුරු නේචර් නැත්නම් ස්වභාව විද්‍යාත්මක සඟරාවේ පළකර තිබෙනවා.
එමඟින් ඩෙල්ටා ප්‍රභේදයට මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමේ හැකියාව නැවතත් අවධාරණය කරනු ලැබුවා.
එහි දැක්වෙන පරිදි චීනයේ වූහාන් නුවරින් සොයාගත් ප්‍රථම කොරෝනා ප්‍රභේදයට සාපේක්ෂව ඩෙල්ටා ප්‍රභේදය, එන්නත්කරණයෙන් ඇතිවන ප්රතිදේහවලට දක්වන්නේ අට ගුණයකින් අඩු සංවේදීතාවක්.
එම වාර්තාව උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.
එබැවින් එන්නත්කරණයෙන් පසුවද කොරෝනා ආසාදනය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙනවා.