අවුරුදු 60 ඉක්මවූවන්ට 03 වන මාත්‍රාවක් - දරුවන්ට ෆයිසර් යෝජනා වෙයි
Thursday, 09 September 2021 - 13:07 | Views - 1,157

සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යෝජනා කරනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට වූවද ඇතැම්විට කොරෝනා ආසාදනය වී ඉන් සුළුතරයකට බරපතල රෝගබාධ ඇති වීමේ සම්භාවිතාවක් ඇති බව වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනවලින් හෙලි වී ඇති බවයි.ඔවුන් පෙන්වා දෙන්නේ බහරේන්හි කළ පර්යේෂණයකට අනුව වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත ලබාදුන් විට එන්නත් නොකළ අයට සාපේක්ෂව මරණ සහ දරුණු රෝග ඇති වීම අවම වූ නමුත්, ෆයිසර්, මොඩර්නා, ස්පුට්නික් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලට සාපේක්ෂව මරණ අනුපාතය හා රෝහල් ගත වීම තරමක් ඉහළ බවයි.එබැවින් සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබා දීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යෝජනා කරනවා.මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පස්වරැවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ සාකච්ඡාවක නිරත වුණා.එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ වයස අවුරුදු 12ත් - 18ත් අතර වයස් කාණ්ඩයට ෆයිසර් එන්නත ලබා දෙන ලෙසයි.මේ අතර ගැබ් ගැනීම වසරකින් ප්‍රමාද කරන ලෙස ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉල්ලීමක් කළා.කෙසේ වෙතත් එය සෞඛ්‍ය අමාත්‍යංශයේ මතය නොවන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද සඳහන් කළේ.මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 429,099ක්.ඒ අනුව පළමු මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 168,095ක් ලබා දී ඇති අතර දෙවැනි මාත්‍රාව වශයෙන් ලබාදුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 261,004ක්.ඒ අනුව දෙවැනි මාත්‍රාව ලබා ගෙන ඇති පුද්ගලයින් සංඛයාව අනූ නම ලක්ෂ 94,589ක්.ගෙවුණු දිනයේ ආසාදිතයින් 2,917 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 02 දෙනෙක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින්.ඒ සමඟ මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 74,122ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 474,780ක් ලෙසයි.පසුගිය 07 වැනිදා සිදුවූ කොරෝනා මරණ 185ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 10,689ක් දක්වා ඉහළ ගියා.එසේම කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා අඩු පිරිවැයක පරික්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබෙනවා.ඒ අනුව රුපියල් 1500 ක පමණ මුදලකින් කොරෝනා පරීක්ෂණ සිදු කර ගත හැකියි.මේ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.මේ අතර වෛද්‍ය උපදේශක එලියන්ත වයිට්ටද කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.
Share This Article