විශ්ව ශක්තියෙන් කොරෝනා සුව කරනවා කියූ එලියන්ත වයිට්ට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා.
ඔහු පසුගිය කාලයේ වැඩිපුර කතා බහට ලක්වුයේ කොරෝනා වසංගතය පාලනය කළ හැකි බලයක් තිබෙන බවට කළ ප්‍රකාශයක් නිසාවෙන්.
එමෙන්ම ඔහු විසින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන විශේෂ මුට්ටි කිහිපයක් ද ගංගාවලට දමනු ලැබුවා.
කෙසේ වෙතත් වෛද්‍ය එලියන්ත වයිට් කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ පිහිටි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්නා බවට මේ වනවිට වාර්තා වනවා.
අප කළ සොයා බැලීමක දී වාර්තා වුයේ, ඔහුගේ ආරක්ෂකයින් කිහිප දෙනෙකුටත් කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවයි.