ප්ලාස්ටික් නිෂ්පාදන 07 ක් තහනම් කිරීමේ ගැසට් පත්‍රයක් ඉදිරියේ දී
Thursday, 09 September 2021 - 9:55 | Views - 1,647
තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07 ක් තහනම් කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නීතිපතිවරයාගේ නිර්දේශය ලැබුණු වහාම මෙම තහනම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

පසුගිය මාර්තු 31 වැනිදා සිට එක්වරක් පමණක් භාවිත වන පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන 05 ක් තහනම් කළ අතර, අගෝස්තු 01 වැනිදා සිට පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච් ෂීට් තහනම් කරනු ලැබුවා.

ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත හැඳි, කෝප්ප, පිහි, ගෑරුප්පු, ඉඳි ආප්ප වට්ටි, කෘතිම තණ ඇතිරිලි, පොලිතින් මල් මාලා, හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම මෙන්ම පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සකසන ලද ග්‍රොසරි බෑග් සහ සිලි සිලි බෑග් මෙලෙස තහනම් කෙරෙන බවයි පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top