තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07 ක් තහනම් කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නීතිපතිවරයාගේ නිර්දේශය ලැබුණු වහාම මෙම තහනම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
පසුගිය මාර්තු 31 වැනිදා සිට එක්වරක් පමණක් භාවිත වන පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන 05 ක් තහනම් කළ අතර, අගෝස්තු 01 වැනිදා සිට පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච් ෂීට් තහනම් කරනු ලැබුවා.
ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත හැඳි, කෝප්ප, පිහි, ගෑරුප්පු, ඉඳි ආප්ප වට්ටි, කෘතිම තණ ඇතිරිලි, පොලිතින් මල් මාලා, හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම මෙන්ම පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සකසන ලද ග්‍රොසරි බෑග් සහ සිලි සිලි බෑග් මෙලෙස තහනම් කෙරෙන බවයි පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.