ගැබ් ගැනීම් වසරකින් පමා කරන්න - විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ඉල්ලීමක් (Video)
Thursday, 09 September 2021 - 8:44 | Views - 603
හැකියාවක් පවතින්නේ නම් ගැබ් ගැනීම් වසරකින් පමා කරන ලෙස කොළඹ කාසල් කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය හර්ශ අතපත්තු ඉල්ලා සිටිනවා.

විශේෂඥ වෛද්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ අද කොළඹ සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මේ වන විට ලොව පුරා පැතිර ඇති කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ගර්භනී මවුවරුන්ට සහ දරුවන්ට ඇතිවන සංකූලතා ඉහළ යාම හේතුවෙන් එම ඉල්ලීම් සිදු කරන බවයි ඔහු පවසන්නේ.

වසරක කාලයක් යනු වෛද්‍ය විද්‍යාවට ඉතා දීර්ඝ කාලයක් බවත් එම කාලය තුළ දැනට භාවිතා කරන එන්නත් වලට වඩා හොඳ එන්නත් නිෂ්පාදනය විය හැකි බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම විශේෂඥ වෛද්‍ය හර්ශ අතපත්තු අවධාරණය කරන්නේ තාමත් මෙම වෛරසය පිළිබඳව ලොව සෞඛ්‍ය අංශ විවිධ පර්යේෂණ සිදුකරමින් සිටින බවයි.

තවමත් මෙම වෛරසයේ හැසිරීම පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් වෛද්‍ය ක්ෂේත්‍රයට ලැබී නොමැති බවත් නමුත් තවත් වසරක් වැනි කාලයක් තුලදී ඒ සම්බන්ධයෙන් වඩාත් වැඩි අත්දැකීම් සහ ප්‍රතිඵලදායී ප්‍රතිකාර ක්‍රම සොයාගත හැකි බවටත් ඔහු විශ්වාසය පල කරනවා.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය හේතුවක් නොමැති දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ගෙන් විශේෂඥ්ඥ වෛද්‍ය හර්ශ අතපත්තු ඉල්ලා සිටින්නේ මෙම අනතුරුදායක කාලසීමාව පසුකර දරුවන් පිළිබඳ බලාපොරොත්තු සඵල කර ගන්නා ලෙසයි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය ගර්භණී මව්වරුන් සහ දරුවන් ජීවයේ අනාගතය වන බැවින් මෙම තීරණය ඉතා හොඳින් කල්පනා කර ගන්නා ලෙසයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top