සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලටත් නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයටත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඌව පළාත , මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්වලත් සන්ධ්‍යාවේ හෝ රාත්‍රී කාලයේ, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ අනෙක් ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන්.
ගිගුරු සහිත වැසි මඟින් ඇති විය හැකි තාවකාලික සුළං සහ අකුණු මඟින් සිදු වන අන්තුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.