ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි ජයග්‍රහණයක්
Wednesday, 08 September 2021 - 10:36 | Views - 297
වසර 8කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ දෙරට අතර පැවති තුන්වන එක්දින තරගය ලකුණු 78 කින් ජයගනිමින්.

කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ කාසිය වාසිය දින දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9 ක් දැවී ලකුණු 203කට සීමා වුණා.

මෙම තරගයේදීත් පිතිකරුවෙක් ලෙස සිය වගකීම මැනවින් ඉටු කළ චරිත් අසලංක ලකුණු 47ක් ලබා ගත්තා.

ධනංජය සිල්වා ලකුණු 31යි.

පන්දු යැවීමේදී කේශව් මහරාජ් ලකුණු 38ට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 29යි පන්දු 5කදී ලකුණු 125 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78කින් තරගය ජයගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සිය මංගල තරගයට ක්‍රීඩා කළ මහේෂ් තීක්ෂණ ලකුණු 37කට කඩුලු 4 ක් දවා ගත්තා.

තමන් යැවූ පළමු පන්දුවෙන්ම මලාන් දවා ගත් තීක්ෂණ එවැනි දස්කමක් කළ සිව්වන ශ්‍රී ලාංකික පන්දුයවන්නා ලෙස වාර්තා පොත් අතරට එක් වුණා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ තරග 2-1ක් ලෙසින්

ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරගාවලියක් ජයගත්තේ වසරකුත් මාස 7කට පසුවයි.

එමෙන්ම දකුණු අප්‍රිකාව⁣ට එරෙහිව තරගාවලියක් ජයගත්තේ වසර 8කට පසුව වීම විශේෂත්වයක්.

තරගයේ වීරයා ලෙස මහේෂ් තීක්ෂණ සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා ලෙස චරිත් අසලංක සම්මානයට පාත්‍ර වුණා.

තරගයේ ලකුණු සටහන පහතින්.
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top