ගැබිණි මව්වරුන් 40කට කොරෝනාවෙන් දිවි අහිමි වෙයි
Wednesday, 08 September 2021 - 10:30 | Views - 540

කොරෝනා ආසාදනය වූ ගැබිණි මව්වරුන් 40 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරනවා.
සැප්තැම්බර් මස 01 වැනිදා සිට සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා කාලය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,950 දෙනෙකු ඊයේ වසංගත රෝග විද්‍යා අංශය මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට ඇතුළත් කළා.
ඒ අනුව පසුගිය පළමු වැනිදා දෛනික ආසාදිතයින් 4,465 දක්වාත්, 02 වැනිදා 4,222 දක්වාත්, 03 වැනිදා 4,250 දක්වාත්, 04 වැනිදා 3,887 දක්වාත් සහ 05 වැනිදා 3,858 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
මේ දක්වා ගැබිණි මව්වරුන් 5,500 කට කොරෝනා ආසාදනය වී ඉන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කළා.
මේ අතර, කොරෝනා ආසාදිතයින් සහ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීමට අදාළව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
එමඟින් කොරෝනා පරීක්ෂණ සීමා වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
කොවිඩ් මර්දන එන්නත්කරණය අතින් අඛණ්ඩව දෙවන සතියටත් ශ්‍රී ලංකාව ලොව පළමු තැනට පත්ව තිබෙනවා.
ගෝලීය කොවිඩ් දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන “අවර් වර්ල්ඩ් ඉන් ඩේටා” වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානී එඩ්වර්ඩ් මැතිව් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සනාථ කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ පසුගිය සතියේදී මෙරට ජනගහණයෙන් 11.6%කට එන්නත් ලබා දී ඇති බවයි.
එම ලැයිස්තුවට අනුව එන්නත්කරණය අතින් ලොව දෙවැනි තැන පසුවන්නේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය අතින් ලොව පළමු තැනට පත්වූ නවසීලන්තයයි.
Share This Article