මහාචාර්ය නීලිකා ගෙන් නැවතත් මාධ්‍යයට චෝදනාවක්
Tuesday, 07 September 2021 - 10:49 | Views - 1,281
මෙරට ජනමාධ්‍ය දිගින් දිගටම තමන් සිදුකරන ප්‍රකාශ වැරදි ලෙස අර්ථ ගන්වමින් පළ කරන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥවරියක වන මහාචාර්ය නීලිකා මලවිගේ පවසනවා.

ඇය චෝදනා කරන්නේ තමන් අන්තර්ජාලය ඔස්සේ විනාඩි 40ක් පුරා සිදුකරන දේශනයක කුඩා වාක්‍ය ඛණ්ඩයක් පමණක් උපුටා දක්වමින් තමන් සිදුකරන සම්පූර්ණ දේශනයේ අර්ථය සහමුලින් විකෘති වන ලෙස මෙරට ජනමාධ්‍යය වාර්තාකරණයේ යෙදෙන බවයි.

පසුගිය දිනෙක තමන් පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් මෙලෙස වැරදි ලෙස උපුටා දක්වමින් සිදුකර තිබූ වාර්තාකරණයක් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය එම සිදුවීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.  

සිය නිල ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මහාචාර්ය නීලිකා මලවිගේ මෙරට ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ පුද්ගලයින් සිදු කරණ ප්‍රකාශ වැරදි ලෙස උපුටා දැක්වීම හෝ එහි අන්තර්ගතය විකෘති කිරීමෙන් වළකින ලෙසයි.

එම සම්පූර්ණ ප්‍රකාශය පහතින්

මේ කාලය පුරාම මම නිහව සිටියෙමි, මම කිසි විටෙකත් නොකියූ දේ මා කල බවට සඳහන් කරමින්, මා කරනා විනාඩි 30-40 ක අන්තජාල දේශනයකින් එක වාක්‍යයක් පමනක් ගෙන සමස්ත දේශනයේ අර්ථය බැහැර කර, ශ්‍රී ලංකාවේ මාධ්‍ය මා වැරදි ලෙස උපුටා දක්වමින් සිටියදී මම නිහඬව සිටියෙමි.

ශ්‍රී ලංකාවේ මාධ්‍යය මෙය මාවම ඉලක්ක කර මෙය කිරීම ගැන මම බෙහෙවින් වෙහෙසට පත්ව සිටිමි.

දැන්වත් මෙය නැවැත්විය යුතුයි! ඔවුන් මෙය කරන්නේ ඇයි? මේකට නැවතුමක් නැද්ද?

ඔවුන් වැරදි දේ උපුටා දැක්වීමෙන් හා ඊටත් වඩා නරක ලෙස මම කිසි දිනෙක නොකියූ දේ පළ කිරීමෙන් සිදු කරන හානිය ඔවුන් නොදන්නේද?

එසේම, මම විනාඩි 30-40 ක වෙබිනාර් එකක් කළ විට ඔබ මුළු වෙබිනාර් එකේම වාක්‍යයක් පමණක් ගෙන එය මාතෘකාවක් ලෙස තැබුවහොත් එය කෙතරම් නොමඟ යවන සුළුද?

අපි දැන් පාසල් විවෘත කළ යුතු යැයි මම කිසිවිටකත් කීවේ නැත.

මේ වන විට රට අගුලු දමා ඇති අතර රෝගීන් වාර්තා වීම සහ මරණ අඩු වීමට පටන් ගෙන ඇත.

ගේට්වේ විද්‍යාලයේ වෙබිනාර් එකකදී මම ඇත්ත වශයෙන්ම පැවසූ දේ ගැන යමෙකු උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර එම දිගුව බලන්න.

එවිට ඔබට මම මෙය පැවසුවාද නැද්ද යන්න පරීක්‍ෂා කර බැලිය හැකියි.

එසේ නොමැතිව මට උපහාස කරන්නන්ටත් නින්දා කරන්නන්ටත් කියන්නට වෙනත් දෙයක් නැත.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top