කොරෝනා මරණ දස දහස පැන යයි
Tuesday, 07 September 2021 - 10:14 | Views - 2,156
නව කොරෝනා ආසාදිතයින් 3,182 ක් හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 465,949 දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 3,182 දෙනා අතරින් 3,173 දෙනෙකු  අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වනවා.

විදේශයන් හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 09 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම පසුගිය 05 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 180 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඊට පිරිමි පුද්ගලයන් 97 ක් සහ කාන්තාවන් 83 ක් ඇතුළත්.  

මිය ගිය පිරිස අතර, 133 දෙනෙක් අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන අතර ඊට පිරිමි පුද්ගලයින් 68 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 40 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර එහි කාන්තාවන් 16 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අවුරුදු 30 අඩු පුද්ගලයන් 07 දෙනෙකුද කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,320 ක් ලෙසින්.

මේ අතර, දැනට පවතින ගිලන් රථ හිඟය සඳහා පිළියමක් ලෙස විවිධ තාක්ෂණික හේතූන් මත ධාවනයෙන් ඉවත් කර ඇති ගිලන් රථ කඩිනමින් අලු‍ත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් ප්‍රවාහන අමාත්‍යංශය මගින් ආරම්භ කර තිබෙනවා.

එසේම, කොරෝනා වසංගතය හමුවේ ජීවිත රැක ගනිමින් රටේහි ජනගහනය ආරක්ෂා කිරිම රජයේ ඉහළම ප්‍රමුඛතාවය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වෙනි අග්නිදිග ආසියානු කලාපීය සමුළුව සූම් තාක්ෂණය ඔස්සේ අමතමින්.

එහිදී වැඩිදුරටත් සමුළුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ඇති හවුල්කාරිත්වය හා එහි තාක්ෂණික මඟ පෙන්වීම හේතුවෙන් පසුගිය වසර කිහිපය  තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාව ලබා ගත් බවයි.

මේ අතර, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සතීෂ් විජේමාන්න කියා සිටියේ මේ දිනවල නිවෙස් ආශ්‍රිතව සිදු වන පිළිස්සුම් අනතුරු ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, ලබන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්විමට නියමිතව තිබු ගුරු විද්‍යාල අවසාන විභාගය කොරෝනා වසංගතය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස්  ජනරාල් සනත් පූජිත සඳහන් කළා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top