ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා සීනී බෙදා හැරීම ඇරඹේ (Video)
Tuesday, 07 September 2021 - 9:47 | Views - 739
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත් කරන ලද සීනී තොග ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පුද්ගලික අංශයේ තොග වෙළඳුන්ට නිකුත් කිරිමට පියවර ගෙන තිබෙනවා.ඒ අනුව රජයේ පාලන මිල යටතේ අලෙවි කිරිම සඳහා අදාළ සීනී තොග ප්‍රාදේශිය තොග වෙළදුන් වෙත නිකුත් කරන බවයි වෙළඳ අමාතංශය නිවේදනය කළේ.මෙහිදී සුදු සීනී කිලෝවක් රුපියල් 117 ක් සහ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 120 ක් බැගින් ඕනෑම ප්‍රමාණයක් ගබඩා වලින් නිතුක් කිරිමට කටයුතු යොදා තිබෙනවා.මෙම ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 011 368 17 97 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකියි.
Share This Article