60ට වැඩි පුද්ගලයින්ට දිය යුතු තුන්වන මාත්‍රාව ගැන වෛද්‍ය සංගමය කියයි
Monday, 06 September 2021 - 14:20 | Views - 7,555
පවතින ආකාරයට හෝ වෙනත් ක්‍රමවේදයකට හෝ තවදුරටත් සංචරණ සීමා පැනවිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කළා.මේ අතර, එන්නත්කරණය පිළිබද විශේෂඥ වෛද්‍ය රජිව් ද සිල්වා ප්‍රකාශ කළේ සයිනොෆාම් එන්නත ලබා ගත් 60ට වැඩි සියළු පුද්ගලයින්ට 3 වන මාත්‍රාවක් ලෙස ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා ලබාදිය යුතු බවයි.සයිනොෆාම් එන්නත ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ වයස 60 ඉක්ම වූ ඇතැම් පුද්ගලයින් සහ අනෙකුත් වයස්වල ඇතැම් රෝග පවතින පුද්ගලයින් සංකූලතා හේතුවෙන් මිය යාම නිසා ඔවුන්ට තුන් වන මාත්‍රාවක අවශ්‍යතාවය පවතින බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.
Share This Article