නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට සහ තරුණයින්ට, කොරෝනා ආසාදනය වීමේ අවදානම ඉහළට
Monday, 06 September 2021 - 10:41 | Views - 2,561

ප්‍රතිශක්තිකරණ දුර්වලතාවලින් පෙළෙන වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට සහ අවුරුදු 12ට වැඩි ඕනෑම අයෙකුට 03වන මාත්‍රාවක් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.එහි විශේෂඥ කමිටුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ රට වසා දැමීමේ ක්‍රමවේදයේ පුර්ණ ප්රතිලාභ ලබා ගැනීමට නම් තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය මේ මස 18 වනදා දක්වා හෝ ඔක්තොම්බර් ම 02 වනදා දක්වා දීර්ඝ කළ යුතු බවයි.ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට සහ අවුරුදු 12ට වැඩි ප්‍රතිශක්තිකරණ දුර්වලතාවලින් පෙළෙන ඕනෑම අයෙකුට තුන් වන මාත්‍රාව ලෙස ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩර්නා එන්නත් ලබා දිය යුතු බවයි.එමෙන්ම මෙලෙස ප්‍රතිශක්තිකරණ ඌනතාවයෙන් පෙළෙන, සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව ලබාදිය යුත්තේ දෙවන මාත්‍රාව ලබාදී අවම වශයෙන් දින 28කට පසුව බවද එහි දැක්වෙනවා.මේ අතර නිධන්ගත රෝගවලින් පෙළෙන ළදරුවන්ට සහ තරුණයින්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානම වැඩිහිටියන්ට හා සමාන වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසනවා.මාර්ගගත ක්‍රමයට පැවති සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරිය කියා සිටියේ ළමයින් මිලියනයකට කොරෝනා ආසාදනය වුවහොත් 13 දෙනෙකු මියයන බව කේම්බිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බවයි.වයස අවුරුදු 65 ත් 74 ත් අතර වැඩිහිටියන් මිලියනයකට කොරෝනා ආසාදනය වුවහොත් ඉන් 22,000 ක් සහ අවුරුදු 75 ට වැඩි පුද්ගලයින් මිලියනයකින් එක්ලක්ෂ 20,000 ක්ද මියයා හැකි බව ඇය එහිදී පෙන්වා දුන්නා.බටහිර රටවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ ගියත් ඔවුන් පාසල් පද්ධති විවෘතව පවත්වාගෙන යන බවත්, වර්තමානයේ ලොව පාසල් විවෘත කර නොමැති රටවල් 15 අතර ශ්‍රී ලංකාව ද සිටින බවත් මහාචාර්ය නීලිකා මලවිගේ වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article