ආදිවාසී නායකයාගේ බිරිඳගේ අවසන් කටයුතු අද
Monday, 06 September 2021 - 9:45 | Views - 463
කොරෝනා ආසාදනය වීමෙන් මියගිය ආදිවාසී නායකයාගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව අද මහියංගනය පොදු සුසානභූමියේ ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.
පේරාදෙණිය රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පෙරේදා පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.
පසුව ඊයේ දින ආදීවාසී නායකයා පේරාදෙනිය රෝහලට ගොස් දේහය හඳුනා ගැනීමට ද කටයුතු කර තිබුණා.
පිරිමි දරුවන් 5 දෙනෙකුගේ සහ ගැහැණු දරුවන් 3 දෙනෙකුගේ මෑණියන් වූ ඌරුවරිගේ හීන්මැණිකා මිය යන විට 68 වන වියේ පසුවුණා.
Share This Article