විශේෂඥ වෛද්‍යවරයෙක් කෝවිඩ්-19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි
Monday, 06 September 2021 - 9:20 | Views - 1,080
කෝවිඩ් 19 රෝග මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග සාධනීය නැති බව සඳහන් කර හා අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වග කිව නො හැකි බව පවසමින්, විශේෂඥ වෛද්‍යවරයෙක් කෝවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

කෝවිඩ් 19 වෛරසය ආසාදිත වූවන් සඳහා  ‍ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරුන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටින මෙම වෛද්‍යවරයා පවසා ඇත්තේ, රජය කෝවිඩ්  19 වෛරස පාලනය සඳහා ගනු ලබන තීරණ සාධනීය ඒවා නො වන බව යි.

රට වසා දැමීමේ තීරණය මෙන්ම එන්නත්කරණ ක්‍රියාවලිය  ද තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව සිදු නො කළ බවත් ඒවා ප්‍රතිඵල රහිත බවත් ඔහු සඳහන් කරනවා.

උද්ගත ව ඇති තත්ත්වය යටතේ තවදුරටත් කෝවිඩ් 19 මර්දනය හා පාලනය කිරීමේ තාක්ෂණික කමිටුවේ රැඳී සිටීමේ කිසිදු ප්‍රතිඵලයක් ඇති වන බව තමන්ට නො හැඟෙන බව යි මෙම විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

එබැවින් අනාගතයේ මතු විය හැකි දුර්විපාකවලට තමන්ට ද කොටස්කරුවකු විය නො හැකි බව ඔහු සඳහන් කළා.

අප සමඟ අදහස් දැක් වූ මෙම විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ, මේ වනවිටත් සිය තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බව යි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top