නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරකයා හඳුනා ගැනෙයි
Saturday, 04 September 2021 - 18:49 | Views - 504

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැලකට කඩා වැදී එහි සිටි පුද්ගලයින්ට තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.'මොහොමඩ් සම්සුදීන් ආදිල්' ලෙස හඳුන්වන මොහුගේ මුල් පදිංචිය කාත්තන්කුඩ් කබරඩි ප්රදේශයයි.1989 වසරේ ඉපිද ඇති මොහුගේ පියා විදුහල්පතිවරයෙකු බවට යි මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.ආදිල්ගේ පියා අවසන් වරට 2008 වසරේ විදුහල්පති සේවයෙන් විශ්‍රාම යන විට මාළිඟාවත්ත ප්‍රදේශයේ පාසලක සේවය කර තිබෙනවා.හතර දෙනෙකුගෙන් යුත් පවුලේ බාලය වන මොහුට සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියක් වෙනවා.සහෝදරයන් දෙදෙනා කටාර් සහ සෞදි ආරාබියේ පදිංචිව සිටින බව යි පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.එමෙන්ම සහෝදරිය කැනඩාවේ ජීවත් වෙනවා.කාත්තන්කුඩි ප්‍රදේශයේ මුල් පදිංචියෙන් පසු මොහු මොරටුව ප්‍රදේශයට පැමිණ ඇති අතර, පසුව කොලොන්නාව ප්‍රදේශයේ නිවසක් මිල දී ගෙන තිබුණා.කෙසේ වෙතත් මේ වනවිට එම නිවස කුලී පදනම මත ලබා දී මව යළි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බව යි පොලිසිය සඳහන් කළේ.බම්බලපිටිය ප්‍රසිද්ධ විද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇති මොහු නවසිලන්තයට සංක්‍රමණය වී ඇත්තේ 2011 වසරේදී යි.එහි දී මොහු සමඟ නවාතැන්ගෙන සිටි සිරියානු ජාතිකයෙකු මාර්ගයෙන් මොහු අන්තවාදී මත දරන්නෙකු බවට පත් ව ඇති බවට විමර්ශන නිලධාරීන් සැක පළ කරනවා.නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි නිව් ලින් ප්‍රදේශයේ පිහිටි ලින් මෝල් නැමති සුපිරි වෙළඳ සංකීර්ණය ඊයේ ඇතුළු වූ මෙම ශ්‍රී ලාංකිකයා තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදුකර තිබුණා.පසු ව සිද්ධිය පාලනය කිරීමට එරට පොලීසිය කටයුතු කර ඇති අතර, එහි දී සිදු කළ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.මෙම පුද්ගලයා අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම සමඟ සබඳතා පවත්වා ඇති බවට තොරතුරු පවතින බව යි නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් කියා සිටියේ.මොහු සම්බන්ධයෙන් 2016 වසරේ සිට එරට ආරක්ෂක අංශ අවධානයෙන් පසු වී තිබෙනවා. මෙම සිද්ධියෙන් අනතුරු ව අදාළ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ලක් රජය නවසීලන්තයෙන් ඉල්ලීමක් කර තිබුණා.
Share This Article