කොරෝනා ආසාදිත නම් හිතුමතේට ප්‍රතිජීවක ගන්න එපා - සෞඛ්‍ය අංශ ඉල්ලයි (Video)
Saturday, 04 September 2021 - 16:48 | Views - 2,918
කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් පමණට වඩා ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.මේ අතර, පසුගිය දින කිහිපයේ සිට වයස අවුරුදු 30ට අඩු මරණවල සැළකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.ගෙවුණු දින හතරේ පමණක් මෙරටින් වාර්තා වූ වයස අවුරුදු 30ට අඩු මරණ සංඛ්‍යාව 15ක්.ඊයේ වාර්තා වූ මරණ 202න් වයස අවුරුදු 30ට අඩු මරණ පහක් ද වාර්තා වුණා.එමෙන්ම, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන සඳහන් කළේ කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් හැකිතාක් විවේකී ව කටයුතු කළ යුතු බව යි.මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් අනිද්දා සිට නිවසට ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ප්‍රකාශ කළා.ඒ අනුව සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව යි ඔහු කියා සිටියේ.එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා දිනවල ද විවෘත ව පවතිනවා.
Share This Article