පහන්තුඩාවේ අසභ්‍ය දර්ශනවල පෙනී සිටි දෙදෙනාට කොරෝනා
Friday, 03 September 2021 - 19:33 | Views - 1,906
බලංගොඩ - පහන්තුඩාව දිය ඇල්ල ආසන්නයේ රූගත කළ අසභ්‍ය වීඩියෝ දර්ශනයකට පෙනී සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවට සහ පිරිමි පුද්ගලයාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.ඒ අනුව ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඔවුන්ව පොලිස් ඇප මත මුදා හැරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් නිරෝධානයට ලක්වෙමින් සිට ඇති අතර, පසුගිය මාසයේ මුල් සතියේදී ඔවුන් අදාළ දිය ඇල්ල ආසන්නයේ මෙම රූගත කිරීම සිදුකර ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.කෙසේ වෙතත්, එය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
Share This Article