රිෂාඩ් බදියුදීන්ට දුරකතනයක් දුන් ජේලර්ට ස්ථාන මාරුවක්
Friday, 03 September 2021 - 16:03 | Views - 200
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනයක් ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඔහු කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරයට මාරුකර යවා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියාසිටියේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබුණේ ඊයේ දිනයේයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා සහ තවත් ජේලර්වරයෙකු මන්ත්‍රීවරයා රඳවා සිටින සිර මැදිරිය අසළට යන විට ඔහු දුරකථනය පිටතට විසිකර ඇති බවයි.

කෙසේ වෙතත් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂාව සඳහා බුද්ධි අංශය වෙත ලබාදී  ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top