පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14 ක ජයක්
Friday, 03 September 2021 - 11:15 | Views - 464
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 14ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා. 
 
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කළා. 
 
සිය තුන්වන එක්දින ශතකය රැස් කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් ලබාගත්තා. මිනෝද් භානුක ලකුණු 27යි. ධනංජය ද සිල්වා ලකුණු 44ක් සහ චරිත් අසලංක ලකුණු 72ක් රැස් කළා. පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා සහ කේශව් මහරාජ් කඩුලු දෙක බැගින් බිඳහෙලුවා. 
 
ඒ අනුව තරගය ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 301ක්. 
 
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණයි. 
 
පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු දෙකක් බිඳහෙලුවා. 
 
මෙම තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිවුනා. 
 
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය හෙට (04) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top