සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්
Thursday, 02 September 2021 - 23:13 | Views - 1,288
අද සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 125ක් වන අතර සුදු හෝ රතු සම්බා කිලෝ එකක මිල රුපියල් 103ක් වනවා.

සුදු හෝ රතු නාඩු කිලෝග්‍රෑම් එකක මිල වන්නේ රුපියල් 98ක්.

සුදු හෝ රතු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 95ක් වන පරිදි උපරිම සිල්ලර මිල නියම කර තිබෙනවා.

මීට අමතරව සීනි  සහල් සඳහාද උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

ඒ අනුව පැකට් නොකළ සුදු සීනි  කිලෝග්‍රෑම් එකක් රුපියල් 122ක් වන අතර පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක මිල වන්නේ රුපියල් 125ක්.

එමෙන්ම පැකට් නොකළ දුඹුරු හෝ රතු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 128ක්.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top