ගිලන් රථ තදබදය අවම කරන්න හදිසි අවස්ථාවලදී ත්‍රිරෝද රථ
Thursday, 02 September 2021 - 14:12 | Views - 8,706

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට මෙන්ම කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින්ට ද, යළි යළිත් කොරෝනා වෛරසය වැළදීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
එමෙන්ම, කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයන් ද අදාළ කාලසීමාව ඉක්ම වීමෙන් පසු එන්නත් ලබාගත යුතු බවයි ඔහු කියා සිටියේ.
මේ වන විට මධ්‍යස්ථාන 224කට කොරෝනා රෝගීන් සඳහා ඇදන් 38,825ක් සූදානමින් පවතින අතර ඉන් 31,788ක්ම භාවිතයට ගෙන තිබෙනවා.
මීට අමතරව කොරෝනා දැඩි සත්කාර ඒකක ඇදන් ද 100ක් භාවිතයට ගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ.
වව්නියාව - නාච්චිකුලම - තෙලිඟු ගම්මානයේ ගම්වාසීන් 146 දෙනෙකුට සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් 26 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 74,116 කට ඊයේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 58,181 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 400,949 දෙනෙකුට ලබා දී ඇති බවයි.
එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 3584 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 348 දෙනෙකුට ලබා දී තිබෙනවා.
මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 131 දෙනෙකුට ලබාදී ඇති අතර, ඊයේ එහි දෙවන මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 10,725 ක්.
එමෙන්ම අදත් දිවයින පුරා මධ්‍යස්ථාන 437කදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ එන්නත ලබා නොගත් පුද්ගලයන් තවදුරටත් සිටී නම් කඩිනමින් එන්නත් ලබාගන්නා ලෙසටයි.
මේ අතර, කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මතුව ඇති ගිලන් රථ තදබදය අවම කර ගැනීම සඳහා ත්‍රිරෝද රථ යොදා ගනිමින් රෝගීන් රෝහල් කරා ගෙන යාමේ විශේෂ වැඩපිළිවෙළක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අද ආරම්භ වුණා.
ඒ අනුව පළමු අදියර යටතේ කෑගල්ල - වරාගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
Share This Article