හාල් සීනි මිල වෙනස් වෙන්නේ මෙහෙමයි
Thursday, 02 September 2021 - 11:35 | Views - 770

සීඝ්රයෙන් ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පාලන මිලක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සීනි හා සහල් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පාලන මිලක් පනවන බවයි රාජ්‍ය අමාත්‍ය වසන්ත අලගියවන්න ඊයේ පවසා සිටියේ.
මේ අනුව පැකට් වල අසුරන ලද සීනි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම මිල ලෙස රුපියල් 130/= ක් නිර්දේශ වී තිබෙනවා.
එසේම පැකට් නොකර විකුණන සීනි කිලෝවක් අලෙවි කළ යුතු බවට නිර්දේශ වී ඇත්තේ රුපියල් 125/=කටයි.
එමෙන්ම කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 136/=කටත්, සුදු හා රතු සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 101/=කටත් අලෙවි කළ යුතු බවට නිර්දේශ කර ඇති අතර සුදු හා රතු කැකුළු සම්බා සහල් කිලෝවක් අලෙවි කිරීමට නිර්දේශ කර ඇත්තේ ද රුපියල් 101/= ක උපරිම මිලකටයි.
මෙම නව මිල පාලනය යටතේ රතු නාඩු කිලෝ ග්‍රෑම් එකක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ලෙස නිර්දේශ කර ඇත්තේ රුපියල් 94/=ක්.
එමෙන්ම මෙම නව නිර්දේශ යටතේ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 91/= ක මුදලකට අලෙවි කළ යුතු වනවා. මෙම මිල ගණන් අනුමැතිය සඳහා මේ වන විට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයට යොමුකර ඇතත් ඒ සඳහා වන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.
Share This Article