අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය ගැන රජයෙන් පිළිතුරු
Thursday, 02 September 2021 - 10:10 | Views - 386
රට තුළ සහල් හා සීනි ඇතුළු අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගත වීී ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුව පවතින බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් දේශීය හා විදේශීය මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයේ ද මෙරට බරපතල ආහාර හිඟයක් ඇතැ යි ප්‍රචාර නිකුත් කරමින් සිටින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් ද මෙම ව්‍යාජ තොරතුරු නැවත ප්‍රචාරය කරමින් සිටිනවා.

ඇතැම් කූඨ වෙළඳුන් පසු ව වැඩි මිලට විකුණා අධික ලාභ උපයා ගැනීමේ අරමුණ ඇති ව වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සඟවා තබන බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන්ගේ ප්‍රයත්නය පරාජය කිරීම සදහා මහජන ආරක්ෂක පනතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනය කිරීමට අදාළ වගන්ති පසුගිය සදුදා බලාත්මක කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එබැවින් ආහාර හිඟයක් ඇතිවේ යැ යි බිය නො වන ලෙසට රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එහි සඳහන්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top