පාන්දරම පත්තු වූ මරදානේ ගින්න (video)
Wednesday, 24 March 2021 - 8:13 | Views - 307
කොළඹ - පංචිකාවත්ත - සංඝරාජ මාවතේ ආපනශාලාවක අද අලුයම ඇති වූ ගින්නෙන් එහි අරක්කැමියා මිය ගොස් ඇති බව මරදාන පොලීසිය ප්රකාශ කළා.මෙලෙස මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි බලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.අද අලුයම 5.30ට පමණ අරක්කැමි, ආහාර සකසමින් සිටියදී මුළුතැන්ගෙයි ගෑස් ටැංකිය පුපුරා යාමෙන් මෙම ගින්න හටගෙන තිබෙනවා.ගින්න මේ වන විට පාලනය කර ඇති අතර ඒ සඳහා ගිනි නිවීමේ රථ 5ක් යෙදවූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article