යාපනයේ උණුසුම් වූ උපවාසයේ ජාතික ධජය බිම දමා තිබු අයුරු
Tuesday, 23 March 2021 - 16:38 | Views - 271
යාපනය මහ නගර සභා නාගරික මන්ත්‍රීවරයකු සහ උපවාසකරුවන් පිරිසක් අතර අද යාපනය නල්ලූර්හිදී ගැටුමක් ඇතිවුනා.

යාපනය නල්ලූර් ප්‍රදේශයේ යාපනය මහ නගර සභාවට අයත් ඉඩමක එල්. ටී. ටී. ඊ. සහ උතුරේ ක්‍රියාත්මක වූ සන්නද්ධ කණඩායම් හමුවේ පීඩාවට ලක්වූ පිරිසක් ඊයේ උදැසන උපවාසයක් ආරම්භ කළා.

කෙසේ වෙතත් යාපනය නගර සභා බලධාරීන් චෝදනා කරන්නේ අදාල විරෝධතා කරුවන් පිරිස මෙම ඉඩම තුල මෙලෙස වේදිකාවක් තැනීමට නිසි අවසරයක් ගෙන නොමැති බවයි.

පොලිසියේ හෝ නගර සභාවේ  අවසරයක් නොමැතිව වේදිකාවක් සැකසීම සම්බන්දයෙන් යාපනයේ නගරාධිපතිවරයා සිය විරෝධතාව නාගරික මන්ත්‍රී වරයකු හරහා ඉදිරිපත් කල මොහොතේ එතැන උණුසුම් තත්ත්වයක් මතු වුනා.

මෙහිදී විරෝධතාකරුවන් රැදී සිටි වේදිකාව මත ජාතික ධජය බිම දමා තිබු අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරිසරනවා.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ දෙපාර්ශ්වයම සමතයකට පත් කළ අතර අධිකරණ නියෝගයක් ලබාගෙන ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස නගර සභා බලධාරීන්ට දැනුම් දුන්නා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top