අපවත් වූ මහා යතිවරයාණෝ - සසුනට අහිමිව ගිය ධම්ම කථිකත්වය
Tuesday, 23 March 2021 - 15:33 | Views - 262
අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරිතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වනවිටත් පැමිණෙමින් සිටිනවා.

ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 25 වනදා නිදහස් චතුරස්‍රයේදි සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරිතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් ඊයේ අලුයම
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වන විට 88 වන වියේ පසු වුණා.

රිය පෙරහරකින් ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට වැඩම කරවූ උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ
වනවිටත් පැමිණෙමින් සිටිනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top