අපවත් වූ මහා යතිවරයාණෝ - සසුනට අහිමිව ගිය ධම්ම කථිකත්වය
Tuesday, 23 March 2021 - 15:33 | Views - 263
අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරිතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වනවිටත් පැමිණෙමින් සිටිනවා.ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 25 වනදා නිදහස් චතුරස්රයේදි සිදු කිරීමට නියමිතයි.ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරිතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් ඊයේ අලුයමපෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වන විට 88 වන වියේ පසු වුණා.රිය පෙරහරකින් ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට වැඩම කරවූ උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේවනවිටත් පැමිණෙමින් සිටිනවා.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියා.
Share This Article