හඹාගොස් උරුම වූ මරණයෙන්, දැවෙන කඳුළු කැට
Tuesday, 23 March 2021 - 11:45 | Views - 404
“තාත්තාගේ ඇස් පෙන්නන්න බදුල්ල ඉස්පිරිතාලෙට ගිය අම්මයි තාත්තයි දෙන්නම අද අපි දාලා ගිහින්. දැන් ඉතිරිවෙලා ඉන්නේ අත්තම්මා විතරයි.” 
 
පස්සර මාරක බස් අනතුරින් මියගිය අන්තෝනි සාමි නෝවා හා බැනට් මැඩෝනා යුවළගේ දියණිය සිය මවගේ හා පියාගේ හදිසි වියෝව දරාගත නොහැකිව හඬමින් කීවාය.

ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ පෑස්සුම්කරුවකු ලෙස රැකියාව කළ අන්තෝනි සාමි නෝවා (32) සහ ඔහුගේ බිරිය වූ බැනට් මැඩෝනා (31) යුවළ ලුණුගලින් මෙම මාරක බසයට ගොඩ වී ඇත්තේ අන්තෝනි සාමි නෝවාගේ ඇසක ආබාධයක් සඳහා ශල්‍යකර්මයක් කරගැනීම සඳහාය. දරු තිදෙනකුගේ මවුපියන් වූ අන්තෝනිගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 9කි. 8 හැවිරිදි පුතකු සහ අවුරුදු 4ක දියණියකද සිටින මේ යුවළට ලුණුගලදී මෙම බස් රථය මඟහැරී ඇතත් දෛවයේ සරදමකට මෙන් ඔවුන් ත්‍රිරෝද රියකින් බස් රථය පසුපස හඹාගෙන ගොස් අතරමඟදී බසයට ගොඩ වී ඇත්තේ අවාසනාවන්ත අයුරිනි. 
 
අනතුරින් අඹුසැමි යුවළ මියගිය අතර අවුරුදු 10ට අඩු දරුවන් තිදෙනාගේ භාරකාරිත්වය පැවැරී ඇත්තේ ඔවුනගේ මිත්තණියටයි.
 
මියගිය යුවළගේ අවසන් කටයුතු 21 වැනි දින ලුණුගල ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන්ගේ සෝ සුසුම් මැද සිදුවද්දී තම මව හා පියා මියගිය වගක්වත් නොතේරෙන අන්තෝනි සාමිගේ කුඩා දරුවන් මිත්තණියට තුරුලු වී වික්ෂිප්ත දෙනෙත්වලින් බලා සිටිනු දක්නට ලැබිණි. 
 
මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top