පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ හෙළිදරව්ව මෙන්න...
කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයේදී ඝාතනය කර ගමන් බෑගයක දමා තිබු තරුණියගේ හිස කොටස සොයා ගැනීමේ සිද්ධියට අදාළ නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව පොලිසීය ප්‍රකාශ කළා.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම සිද්ධියේ ඝාතකයා ජිවිතක්ෂයට පත්ව තිබීම හේතුවෙන් මෙම නඩු කටයුත්ත අවසන් වන බවයි.
කෙසේවෙතත් අදාළ හිස කොටස සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම් සිදුකරන බවයි ඔහු කියාසිටියේ.