ඉවත් කරන නිවසින් ආ මාරයා
Tuesday, 23 March 2021 - 10:58 | Views - 419

පරණ ගෙයි ස්ලැබ් එක කඩා ඉවත් කිරීම සඳහා එහි යකඩ බීම් එක කැඞීමේදී ස්ලැබ් එක කඩා වැටී එහි යකඩ කූරු ඇනී බරපතල ලෙස තුවාල ලැබු එහි හිමිකරු උඩුපිල රජයේ රෝහලට ඇතුළත් කිරීමත් සමගම මිය ගොස් තිබෙනවා.

පෙරේදා (21දා) දහවල් මල්වානේ යටිහේන ප‍්‍රදේශයේ ඉදි කළ නව නිවෙස අසල පරණ ගෙයි ස්ලැබ් එක එහි හිමිකරු තවත් පුද්ගලයෙකු සමග කඩා ඉවත් කිරීම සඳහා එහි යකඩ බීම් එක කැඞීමේදී ස්ලැබ් එක කඩා වැටී එහි යකඩ කූරු ඇනී හිමිකරු මෙසේ මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ යටිහේන ප‍්‍රදේශයේ පදිංචිව සිටි අජිත් රාජපක්ෂ නමැති 54 හැවිරිදි දෙදරු පියෙකු බවයි  පොලිසිය සඳහන් කළේ.

මේ පිළිබඳව මරණ පරීක්ෂණය බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා විසින් පවත්වනු ලැබූ අතර මළ සිරුර පී.සී.ආර් පරීක්ෂණයට යොමු කොට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොලිසියට නියෝග කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන බියගම පොලිසිය සිදුකරනු ලබනවා.

 

දිවයින 

 

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top