
පරණ ගෙයි ස්ලැබ් එක කඩා ඉවත් කිරීම සඳහා එහි යකඩ බීම් එක කැඞීමේදී ස්ලැබ් එක කඩා වැටී එහි යකඩ කූරු ඇනී බරපතල ලෙස තුවාල ලැබු එහි හිමිකරු උඩුපිල රජයේ රෝහලට ඇතුළත් කිරීමත් සමගම මිය ගොස් තිබෙනවා.
පෙරේදා (21දා) දහවල් මල්වානේ යටිහේන ප්‍රදේශයේ ඉදි කළ නව නිවෙස අසල පරණ ගෙයි ස්ලැබ් එක එහි හිමිකරු තවත් පුද්ගලයෙකු සමග කඩා ඉවත් කිරීම සඳහා එහි යකඩ බීම් එක කැඞීමේදී ස්ලැබ් එක කඩා වැටී එහි යකඩ කූරු ඇනී හිමිකරු මෙසේ මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මෙම සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ යටිහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අජිත් රාජපක්ෂ නමැති 54 හැවිරිදි දෙදරු පියෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මේ පිළිබඳව මරණ පරීක්ෂණය බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා විසින් පවත්වනු ලැබූ අතර මළ සිරුර පී.සී.ආර් පරීක්ෂණයට යොමු කොට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොලිසියට නියෝග කර තිබෙන බවයි සඳහන් වන්නේ.
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන බියගම පොලිසිය සිදුකරනු ලබනවා.
දිවයින
66 Views
224 Views
125 Views
108 Views
110 Views
118 Views
110 Views
79 Views
150 Views
98 Views
113 Views
178 Views
211 Views
675 Views
42 Views