කුඩා දියණියව කෙළෙසු සීයා අතටම හසු වූ හැටි
Tuesday, 23 March 2021 - 9:49 | Views - 369
තම පුතාගේ හත් හැවිරිදි දියණියට බරපතල ලිංගික අතවර කළ හැත්තෑ තුන් හැවිරිදි පුද්ගලයෙකු  31 වනදා  දක්වා රක්ෂිත බන්ධානාගර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
 
සැකකරු ඊයේ දින (21) අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මෙම දැරියගේ පියා විදේශ ගතව සිටින අතර මව අනෙක් සහෝදර සහෝදරියන් සහ සැකකාර සීයා  සමග නිවසේ සිට ඇති බවයි.
 
එසේ සිටියදි ඉකුත් 21 වන දින මව වැඩිමහල් පුතාට බෙහෙත් රැගෙන ඒමට ගොස් ඇති බවත් වෛද්‍යවරයා නොමැති නිසා ඉක්මනින්ම ආපසු නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණිවිට සැකකරු දැරියට ලිංගික අතවර කරනු දැක මව කෑගසා ඇති බවත් එවිට අසල්වාසින්ද පැමිණ ඇති බවත් පොලිසිය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top