මහපාරේ කෙළවර වන ජීවිත
Tuesday, 23 March 2021 - 8:43 | Views - 312

අද අළුයම 4:30 ට පමණ වැලිකඩ ආයුර්වේද වටරවුම ආසන්නයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පනස් දෙහැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයකු මියගොස් තිබෙනවා.
අද අලුයම වැලිකඩ ගුවන් පාලමත් ආයුර්වේද වටරවුම අතර කලාපයේ කොළඹ හදිසි ඇමතුම් අංශයේ පොලිස් නිලධාරීන් මාර්ගයේ ගමන් කරන වාහන පරීක්ෂාවක නිරතවී තිබෙනවා.
ඔවුන් මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් පරීක්ෂා කරන අවස්ථාවේදී බත්තරමුල්ල දෙසින් අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් යටකරමින් අනතුරට පත් වී තිබෙනවා.
මෙම අනතුරෙන් හදිසි ඇමතුම් මාර්ග පරීක්ෂණ කණ්ඩායම භාරව සිටි පනස් දෙහැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා සහ පරීක්ෂාවට ලක් කරමින් තිබූ කුඩා ලොරි රථයේ සහායකයා මියගොස් තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථය පැදවූ තලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මසක පමණ කාලය තුළ දිවයිනේ රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර එසේ සිදුවන රිය අනතුරු හේතුවෙන් දළ වශයෙන් දිනකට පුද්ගලයින් දහදෙනෙකුට පමණ ජීවිත අහිමි වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පතිඅජිත් රෝහණ මහතා පවසන්නේ.
නිල ඇඳුමෙන් මාර්ග රාජකාරියේ යෙදෙන නිලධාරීන් පවා මෙවැනි අවිනීත රියැදුරන් ගේ ගොදුරු බවට පත් වීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් පවසන්නේ.
Share This Article