ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය කළ බස්රිය අනතුරට ලක්වීමෙන් මියගිය දාහතර දෙනාගෙන් එකොළොස් දෙනකු ලුණුගල ප්‍රදේශය තුළ පදිංචි වී සිටි අයයි. ඒ අතරින් දෙදෙනකු මුස්ලිම් ජාතිකයන් වන අතර දෙදෙනකු ද්‍රවිඩ ජාතිකයන්ය.
ඒ අතරින් තුරුණු වියේ පාසල් දැරිය මෙම බස්රියට ගොඩවී ඇත්තේ බදුල්ලේ පැවැත්වෙන පන්තියකට සහභාගි වීම සඳහාය. එම නිවෙසේ සිටියේ නිවෙස් හිමියා හා ඔහුගේ දියණියයි. දියණියගේ මරණයෙන් පියා පමණක් තනිවී ඇත.
මෙම මරණය ගැන අසල්වාසී ජනතාව බලවත් කම්පාවට පත්ව ඇති අයුරු සංවේදී ජනකය. මෙම නිවෙසට නුදුරුව සිටි සුරංග නමැති විසිනව හැවිරිදි පාසල් මුරකරුවකුද බස් රියට ගොඩවී ඇත්තේ බදුලු රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා වන අතර ඔහුගේ අතකට හා එක් පාදයකට බරපතළ හානි සිදුව ඇත.
ලුණුගල ප්‍රදේශයේ මෙවැනි ඛේදාන්තයක් කිසි දිනක සිදුවී නැති බව ජනතාව පවසති. මෙම සියලු දෙනාගේ අවසන් කටයුතු සිදුවන්නේ අද දිනයේදීය. සොබාදහමද මේ සම්බන්ධයෙන් කම්පාවට පත්ව සිටින අයුරු ඊයේ (22දා) ප්‍රදේශවාසීන්ට අත්විඳීමට හැකිවිය. සවස හතරට පමණ ආ අකල් වැස්සත් සමඟ පැය දෙකහමාරක් පමණ අකුණුසැර ඇතිවුණු අතර, නිවෙස්වල විදුලියද විසන්ධි වීමෙන් මුළු ප්‍රදේශයම අඳුරු විය. මේ සියලු සිදුවීම් සමඟ ලුණුගල එකම මළගෙයක් බවට පත්ව ඇත.
මව්බිම