බිලිගත් ජීවිත වලට කම්පා වූ පරිසරය
Tuesday, 23 March 2021 - 8:23 | Views - 1,101
ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය කළ බස්රිය අනතුරට ලක්වීමෙන් මියගිය දාහතර දෙනාගෙන් එකොළොස් දෙනකු ලුණුගල ප්‍රදේශය තුළ පදිංචි වී සිටි අයයි. ඒ අතරින් දෙදෙනකු මුස්ලිම් ජාතිකයන් වන අතර දෙදෙනකු ද්‍රවිඩ ජාතිකයන්ය. 
 
ඒ අතරින් තුරුණු වියේ පාසල් දැරිය මෙම බස්රියට ගොඩවී ඇත්තේ බදුල්ලේ පැවැත්වෙන පන්තියකට සහභාගි වීම සඳහාය. එම නිවෙසේ සිටියේ නිවෙස් හිමියා හා ඔහුගේ දියණියයි. දියණියගේ මරණයෙන් පියා පමණක් තනිවී ඇත. 
 
මෙම මරණය ගැන අසල්වාසී ජනතාව බලවත් කම්පාවට පත්ව ඇති අයුරු සංවේදී ජනකය. මෙම නිවෙසට නුදුරුව සිටි සුරංග නමැති විසිනව හැවිරිදි පාසල් මුරකරුවකුද බස් රියට ගොඩවී ඇත්තේ බදුලු රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා වන අතර ඔහුගේ අතකට හා එක් පාදයකට බරපතළ හානි සිදුව ඇත. 
 
ලුණුගල ප්‍රදේශයේ මෙවැනි ඛේදාන්තයක් කිසි දිනක සිදුවී නැති බව ජනතාව පවසති. මෙම සියලු දෙනාගේ අවසන් කටයුතු සිදුවන්නේ අද දිනයේදීය. සොබාදහමද මේ සම්බන්ධයෙන් කම්පාවට පත්ව සිටින අයුරු ඊයේ (22දා) ප්‍රදේශවාසීන්ට අත්විඳීමට හැකිවිය. සවස හතරට පමණ ආ අකල් වැස්සත් සමඟ පැය දෙකහමාරක් පමණ අකුණුසැර ඇතිවුණු අතර, නිවෙස්වල විදුලියද විසන්ධි වීමෙන් මුළු ප්‍රදේශයම අඳුරු විය. මේ සියලු සිදුවීම් සමඟ ලුණුගල එකම මළගෙයක් බවට පත්ව ඇත. 
 
 
මව්බිම 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top