කෙසෙල් ගෙඩියක මිල වැඩි බව පවසමින් ප්රචණ්ඩකාරී ලෙස හැසිරුණු පාරිභෝගිකයෙකු හෝටලයක සේවකයෙකුට පහර දී ඝාතනය කිරීමේ පුවතක් කුරුණෑගල ප්රදේශයෙන් වාර්තා වනවා.
කුරුණෑගල නගරයේ පැරකුම්බා වීදියේ වෙළදසැලක සේවකයෙක් මෙලෙස පහරදීමෙන් මිය ගොස් ඇති බව සඳහන්.
පසුගිය 20 වන දා පහරදීමට අදාළ පුද්ගලයා වෙළදසැලට පැමිණ කෙසෙල් ගෙඩියක් මිලදී ගෙන තිබෙනවා.
එහිදී වෙළදසැලේ හිමිකරු ඔහුට දැනුම් දී ඇත්තේ කෙසෙල් ගෙඩිය රුපියල් 30ක් වන බවයි.
එම මිල ප්රකාශ කිරීමත් සමඟ අදාළ පාරිභෝගිකයා උරණ වී වෙළදසැල් හිමියාට සහ සේවකයාට පහර දී ඇති අතර, එහිදී බෝතලයක් කඩා ඉන් සේවකයාට පහර දී තිබෙනවා.