පැරිෂුටය රැගෙන ගිය ජීවිතය
Monday, 22 March 2021 - 11:04 | Views - 674
අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේදී පෙරේදා (20 වැනිදා) උදෑසන පැරෂුට් පුහුණුවක යෙදී සිටි ගුවන් නිලධාරීන් දෙදෙනකු එම පැරෂුට් පැටලී බිම වැටී එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා තිබේ.
 
මෙසේ මියගොස් ඇත්තේ රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ බලගණ නායක රන්තිලක (03137* නමැති අංක 113, මුදුනවත්ත, වීරකොටුව පොල්ගොල්ල පදිංචිකරුවෙකි.
 
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වන්නි ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සැරයන් අබයකෝන් (32626* නමැති පොල්වත්ත ඉහළගම කුරුන්දේ, හතරලියද්ද පදිංචි අයෙකි.
 
අම්පාර උහන ගුවන් හමුදා කඳවුර මීට පෙර පැරෂුට් පුහුණුව ලබා තිබෙන ගුවන් හමුදා නිලධාරීන් සහ භටයන් 145 දෙනකු සඳහා පැරෂුට් පුහුණුවක් පවත්වා තිබේ. 20 වැනිදා උදෑසන වයි 12 ගුවන් යානාවකින් මෙම පුහුණුවට සහභාගි වූ පහළොස් දෙනකු අඩි 3500ක් පමණ ඉහළ අහසට රැගෙන ගොස් පැරෂුට් පිම්ම සිදුකර තිබේ.
 
අඩි 50ක පමණ අහසේදී පැරෂුට් දෙක එකිනෙක පැටලීමෙන් දෙදෙනාට නිසි ලෙස පැරිෂුට් පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදු වූ අවස්ථාවේම තුවාලකරුවන් දෙදෙනා අම්පාර රෝහල වෙත රැුගෙන ගොස් තිබේ. තුවාල ලබා ඇති ගුවන් නිලධාරියාගේ දෙපා කැඞී තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න මහතාගේ මග පෙන්වීමෙන් අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත උහන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ සිදු කරති.
 
 
සුසන්ත අමරබන්දු, වත්තේගම අතිරේක - එස්. විමලසිරි
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top