වාහන සඳහා ගෙවීගිය ටයර් භාවිත කරන්නන්ට වැඩ වරදී
Monday, 22 March 2021 - 9:34 | Views - 528
ගෙවුණු පැය 24ක කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.මීට අමතරව දිනකට රිය අනතුරුවලින් පුද්ගලයින් 30ත් 40ත් අතර ප්‍රමාණයක් තුවාල ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ මෙම අනතුරුවලට බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී රිය ධාවනය සහ වාහනවල පවතින දෝෂ ප්‍රධාන හේතුවන බවයි.මේ අතර ගෙවී ගිය ටයර භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන සහ වාහනවල පවතින දෝෂ පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (22) සිට දින 03ක කාලයක් දිවයින පුරා සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
Share This Article