චීනය පසු කළ, මෙරට කොරෝනා ආසාදිතයින්
Monday, 22 March 2021 - 9:23 | Views - 393
ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 349ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව අභිබවා ගියා.ලොව මුලින්ම කොරෝනා වෛරසය වාර්තා වුණේ චීනයෙන් වන අතර මේ වන විට එරට මුළු ආසාදිත සංඛ්‍යාව 90,099ක් ලෙසයි දැක්වෙන්නේ.කෙසේ වෙතත්, මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 90,200ක් ලෙස චීනය ද අභිබවා ලොව ආසාදිතයින් වාර්තා වීම පිළිබද දෛනික දත්ත සටහන් කරන වර්ල්ඩ් මීටර් වෙබ් අඩවියට අනුව ආසාදිතයින් වාර්තා වීම අතින් 88 වන ස්ථානයේ පසුවනවා.ඊයේ එක් කොරෝනා මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 546ක් දක්වා ඉහළ ගියා.මේ අතර කොරෝනා වෛරස තත්වයත් සමඟ ශ්‍රී ජයවර්ධනපුර රෝහල තුළ රෝගීන්ට උපස්ථායක කාර්ය මණ්ඩලය විසින් නිසි සැලකිල්ලක් නොදක්වන බවට රෝගින් චෝදනා කරනවා.මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි රෝගීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article