ගල්කිස්සේදී අතුරුදහන් වූ දරුවා ගැන තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන්න.
ඊයේ (18) ගල්කිස්ස දහම් මාවත ප්‍රදේශයේදී 15 හැවිරිදි පිරිමි දරුවෙකු අතුරුදහන් වී තිබෙනවා.
නිවැසියන්ට නොදන්වා උදෑසන බෑගයක්ද රැගෙන දරුවා තම නිවසින් පිටව යන අයුරු වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
මේ පිළිබද වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය මෙහෙයවනු ලබන අතර තවමත් දරුවා පිළිබද තොරතුරක් වාර්තා වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
දරුවා ගැන තොරතුරක් වේ නම් දන්වන ලෙස ඔහුගේ මාපියන් ඉල්ලීමක් කරනවා.
මවගේ දුරකථන අංකය 0773779850