අවදානම මැද නව කොරෝනා පොකුරක්
Friday, 19 March 2021 - 14:13 | Views - 1,557

කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළිත් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද උදෑසන නිකුත් කළ දෛනික තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
අවසන් වරට 100 ඉක්මවා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තාවුණේ පසුගිය මාර්තු හතරවනදා වන අතර, එම සංඛ්‍යාව 104 ක්.
ඒ අනුව දින 15 කට පසු කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 106 දෙනෙකු ඊයේ වාර්තාවී ඇති අතර, ඉන් 56 දෙනෙකු බත්තරමුල්ලෙන් වාර්තාවී තිබෙනවා.
එම ආසාදිතයන් අතරින් 53 දෙනෙකු කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන බත්තරමුල්ල - වික්‍රමසිංහපුර ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයකින් වාර්තාවන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
එහි සේවයේ නියුතු ආවතේවකරුවෙකු ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බව සඳහන්.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 29 වනදා සිට ලබාදිය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.
Share This Article