මෙරට සෑම පුද්ගලයෙකුටම සීමා රහිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැරසෙනවා.
මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවා සපයන සියලු ආයතනවලින් පසුගිය මාර්තු පළවනදා වනවිට ඊට අදාළ වන පැකේජ පිළිබඳව වාර්තාවක් ඉල්ලා තිබෙනවා.
මේ දිනවල එසේ ලැබුණු පැකේජ නැවත සමීක්ෂණය කරමින් සිටින බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
සීමා රහිත අන්තර්ජාල පහසුකම් පිළිබඳව පැකේජ සහ මිලගණන් තීරණය කිරීමෙන් අනතුරුව අප්‍රේල් මුල් සතියේ එහි පළමු වටයේ නිකුත් කිරීම් සිදුකිරීමට හැකිවනු ඇති බවටයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විශ්වාසය පළකරන්නේ.