බෙල්ල නැතිව බෑග් එකක යවන බව කියා, 23 හැවිරිදි තරුණියක පැහැරගෙන
Friday, 19 March 2021 - 11:23 | Views - 31,437
බෙල්ල නැතිව බෑග් එකක යවන බව කියා මන්නා පිහියක් පෙන්වා 23 හැවිරිදි තරුණියක පැහැරගෙන වෑන් රථයක දමාගෙන යමින් සිටි බව කියන තිදෙනෙක් පෙරේදා (17) රාත්‍රී මහව පොලිස් වසමට අයත් බල්ල ප්‍රදේශයේදී නිකවැරටිය කොට්ඨාස රථ වාහන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
 
පැහැරගෙන යමින් සිටි තරුණය ද ඔවුන්ගෙන් මුදාගත් බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
අඩි 1 1/2ක් පමණ දිග අලුත්ම මන්නා පිහියක් ද වෑන් රථයේ තිබි පොලිස් බාරයට ගැනු ලැබීය.  අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 සහ 25 අතර වයසේ පසුවන ගල්නෑව පොලිස් වසමට අයත් කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
පැහැර ගෙන යමින් සිටියදී මුදාගත් තරුණිය ද කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. අත්අඩංගුවට ගත් තිදෙදෙනා අතරේ තරුණිය සමග කාලයක් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන තරුණයකු ද සිටින බව පොලිසිය කියයි.
 
මෙම තරුණිය ඇගලුම් කම්හලක සේවය කරන වකවානුවේ මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ගොස් පසුව එය නතර කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
 
සම්බන්ධය නතර කිරීමෙන් පසුව එම තරුණයාගෙන් නිතර නිතර හිරිහැර සිදුවීම නිසා දියණියගේ ආරක්ෂාව සදහා ඇය ඥාති නිවසක නැවැත්වීමට පියා ඇයව යතුරුපැදියක නංවාගෙන යමින් සිටිය දී ගල්නෑව පොලිස් වසමට අයත් කුරමිටියාව හන්දියේ දී යතුරුපැදියට මග හරස් කර නැවැත් වූ වෑන් රථයකින් පැමිණ තිදෙනා තරුණියට තර්ජන කර ඇති බව පොලිසිය කියයි.
 
මන්නා පිහියක් අරගෙන වෑන් රථයෙන් බැස ආ තරුණියගේ හිටපු පෙම්වතා බව කියන තරුණයා "පොලිසියේ එකා කළා වගේ උඹේ දුවගෙත් බෙල්ල නැතිව බෑග් එකක යවනවා" කියා මරණීය තතර්ජනය කර තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා කීය.
 
එසේ පවසා තරුණිය ඇද වෑන් රථයට දමා ගෙන ඔහු පලා ගොස් තිබෙන බව පොලිසිය කියයි.
 
මහව පොලිස් වසමට අයත් විලව හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිකවැරටි කොට්ඨාස රථ වාහන අංශයේ  පොලිස් කණ්ඩායමක් මෙම වෑන් රථය නතර කිරීමට සංඥා කර ඇති අතර පොලිස් කණ්ඩායම සිටි ස්ථානය සමීපයට වෑන් රථය පැමිණීමත් සමග "අනේ සර් මාව පැහැරගෙන යනවා. මාව බේරාගන්න" යැයි කියා තරුණිය මරහඩ නගමින් කෑගසා ඇති බව ද කියති.
 
තරුණියගේ කෑගසීමත් සමගම වෑන් රථය එකවර වේගය වැඩි කර අධික වේගයෙන් නොනවත්වා ධාවනය කිරීමට පටන් ගෙන තිබේ.
 
පොලිස් කණ්ඩායම පොලිස් යතුරුපැදිවලින් කිලෝ මීටර් 03ක් පමණ දුරක් දුහුබැද ගොස් බලල්ල සී.බී.සී හන්දියේ දී වෑන් රථය නතර කරගෙන එහි සිටි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තරුණිය ද මුදාගත්තේය.
 
තරුණියගේ ගෙල කැපීමට යොදා ගැනීමට ගෙන ගිය බව කියන අලුත්ම මන්නා පිහියක් ද වෑන් රථයේ තිබි පොලිස් බාරයට ගෙන තිබෙනවා.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top