වැල්ලවීදියේ තරුණියට - ලිපියෙන් ඉටුවුණු සාධාරණය
Friday, 19 March 2021 - 10:57 | Views - 507
"ලඟින් ආශ්‍රය කළාට අතින්වත් ඇල්ලුවේ නැහැ.."
 
"වැඩිමහල් දුවගේ වයස අවුරුදු 21ක්.."
 
14 වියැති බාලවයස්කාර ශිෂ්‍යාවක් මුහුණුපොත මගින් හඳුනාගෙන වසර 10 ක් පුරා ඇය දූෂණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සංචාරක හෝටල් සහ ට්‍රෝලර් යාත්‍රා හිමි 50 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය එම සැකකරු ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එම්. එස්. ජයනාත් මහතා විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර ව්‍යාපාරිකයා වූයේ මීගමුව කුඩාපාඩුව පදිංචි කෝටිපති සිවුදරු පියෙක් බවයි සඳහන් වන්නේ.
 
මෙම සිද්ධිය අනාවරණය වූයේ මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියක් ගෙල වැලලාගෙන දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ඇඳ සිටි තිසරපටය තුළ සඟවා තිබූ ලිපියක් එහිදී හමුවී තිබෙනවා.
 
එම ලිපියේ මියගිය තරුණිය සඳහන් කර ඇත්තේ මෙහි සැකකරු සමග වසර ගණනාවක් ප්‍රේම සබඳතාවක් මෙන්ම කායික සබඳතා පැවැත්වූ බවත් එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පෙම්වතා විසින් තර්ජනය කිරීම නිසා තමාට දිවි එපා වූ බවයි සඳහන් කර ඇත්තේ. 
 
තමා සමග ප්‍රේම සබඳතා සහ කායික සබඳතා පැවැත්වූ සැකකරුගේ නම ඇය තම ලිපියේ සඳහන් කර තිබෙනවා. එම ලිපිය නිසා එම මරණය දිවි හානි කර ගැනීමක් බවට ප්‍රකාශ කිරීම අත්හිටවූවා.
 
මෙම තරුණිය වයස අවුරුදු 14 ක බාලවයස්කාරියක්ව සිටියදී මෙම දුෂණය  ආරම්භ වී ඇති හේතුවෙන් එහි විමර්ශන කටයුතු මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එම්. එස්. ජයනාත් මහතාට භාර වී තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ දිවි හානි කරගත් තරුණිය අවුරුදු 14 සිට තමා හඳුනන බවත් ඇය සමග කිට්ටුවෙන් ඇසුරු කළත් ඇය සමඟ ප්‍රේම සම්බන්ධයක් හෝ කායික සම්බන්ධයක් නොපැවැත්වූ බවත් අඩුම තරමින් ඇයගේ අතින්වත් තමා අල්ලා නැති බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
 
එම තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තරුණිය දිගු කලක පටන් ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.  සැකකරු සිවුදරු පියකු වන අතර ඔහුගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 21 ක්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top