ඊයේ නවලෝක ක්‍රීඩාංගනය අසලදී දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 19ක් වූ සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.