ලාංකික, ජපන් පෙම් යුවළට ලැබුණු සහනය
Friday, 19 March 2021 - 8:47 | Views - 437

ශ්‍රී ලාංකික තරුණයෙකු වූ පෙම්වතා සමඟ දිවයිනට පැමිණි ජපාන ජාතික පෙම්වතිය සහ පසුව ඔවුන් මුහුණදුන් ගැටලු පිලිබඳ පුවත, පසුගියදා මෙරට සමාජයේ දැඩි අවධානයට ලක් වුණා.
කෙසේ වෙතත්, පරිවාසභාරයේ සිටි එම තරුණියට තවත් සහනයක් ඊයේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන්නා.
සොරා ඔටාකි නමැති මෙම තරුණිය අප්‍රේල් දෙවන සතියේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වනවා.
පරිවාසභාරයේ භාරයේ සිටිමින් එම කටයුතු සිදුකර ගැනීමට ඇයට යහපත් මානසිකත්වයක් නොමැති බවට, විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊයේ අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
මෙහිදී පැමිණිල්ලේ නීතිඥවරුන් ද සඳහන් කළේ දරුවාගේ අනාගතය පිළිබඳ සලකා බලා ශ්‍රී ලාංකික තරුණයාට දියණිය විවාහ කර දීමට, තරුණියගේ මව කැමැත්ත පළ කර ඇති බවයි.
පරිවාස වාර්තා සහ දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත බැඳුම්කරයක් මත මෙම තරුණිය තරුණයාගේ ලොකු අම්මා වෙත භාරදීමට නියෝග කළා.
තරුණයාගේ මව නඩුවේ විත්තිකාරියක් වීම නිසා ඇයට තරුණිය භාරදීමට හැකියාවක් නොමැතිවීම ඊට හේතුවයි.
එසේම, මෙම යුවලගේ විවාහය ජපන් තානාපති කාර්යාලයේදී සිදුකළ හැකිදැයි විමසීමට, එහි නිලධාරියෙකු, මීළඟ නඩු දිනයේ කැඳවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කළා.
Share This Article