ගැබිනි බිරිඳගේ උදරය පාගා කුස තුළ සිටි බිලිඳාව සහාසික ලෙස මැරූ නරුම පියා
Thursday, 18 March 2021 - 14:47 | Views - 1,756
බිරිඳව පාළු පැලකට ගෙන ගිය සැමියා කළ අමානුෂික දේ...

දරු ප්‍රසූතියට ආසන්නව සිටි ගැබිනියකගේ හිසට ස්ටූලයකින් පහරදී උදරය පාගා උදරයට ඇඳ පොල්ලකින් පහරදී ඇය මරාදැමීමට උත්සාහ කළ හා ගර්භයේ සිටි බිලිඳා මරාදැමූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද තරුණ සැමියා මේ මස 24දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වන්නම්කුලම උට්ටිමඩුව තිරප්පනය ලිපිනයේ පදිංචිව සිටින ජයතිලකගේ ධනුෂ්ක ප්‍රීති කුමාර යන (38) සැකකරුයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ තිරප්පනය පොලිසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ, සැකකරුගේ 40 හැවිරිදි බිරිය වන දෙදරු මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ පොලිස් මුරපොළට සිදුකර තිබෙන පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස බිරියට තර්ජනය කිරීමට රෝහලට පැමිණි අවස්ථාවේදී බවයි.

සැකකරුට එරෙහිව පහරදීම්, ගෘහස්ථ හිංසනයන් ඇතුළු නඩු හතකට අධිකරණයට යොමුකර තිබෙන බවත්, අවස්ථා කිහිපයකදීම සාමය කඩ නොකරන ලෙස අධිකරණය තරයේ අවවාද කර ආරක්ෂණ නියෝග පවා නිකුත් කර තිබියදී සැකකරු දිගින් දිගටම මත්පැන් පානය කර ප්‍රචණ්ඩව හැසිරෙන බවත්, පැවැති ආරවුලක් නිසා මවගේ නිවෙසට ගොස් සිටි ගැබිනිය නිවෙසට ගෙන්වා අමානුෂිකව පහරදීම සිදුකර ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

පසුගියදා (9දා) සැකකරු බිරිය නිවෙසට ගෙන්වාගෙන “තෝ ජීවත්වෙලා හිටියොත් තමයි මට නඩු” කියමින් ගැබිනියට ස්ටූලයකින් හිස පුපුරා යන අන්දමින් පහරදී පාළු හේන් යායකට ඇදගෙන ගොස් බිම දමා පාගා උදරයට ඇඳ පොල්ලකින් අමානුෂිකව පහරදී ඇයව පාළු පැලක දමා නිවෙසට පැමිණ ඇති බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

සැමියාගේ අමානුෂික පහරකෑමට ලක්වී සිටින ගැබිනි කාන්තාවගේ කුසේ සිටිනා හයමස් වියැති බිලිඳා මරණයට පත්වී ඇති බවට වෛද්‍යවරුන් නිගමනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් සිටින බවද පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.

තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායක මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක, කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් සැරයන් නිරංජලා (537), පොලිස් සැරයන්වරුන් වන දඹදෙනිය (40538), අරුණ (14606) හා පොලිස් කොස්තාපල් සුජීව (71629) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය
මව්බිම පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top