කොරෝනා වසංගත සමයේ රැකියා අහිමිවූ පෞද්ගලික අංශයේ සේවකයින් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
රැකියා අහිමිවූවන් සේවය කළ ස්ථානයේ තොරතුරු, සේවා කාලය සහ වැටුප් තොරතුරු ද සමගින් අප්‍රේල් පළමුවන දිනට පෙර කම්කරු කොමසාරිස්, 11 වන මහල, කොළඹ 05 යන ලිපිනයට ලිපි යොමුකරන ලෙසටයි කම්කරු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරන්නේ.
[email protected] ඊමේල් ලිපිනයට ද තොරතුරු එවිය හැකිය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 368 502 දුරකථනය ඔස්සේ ද ලබාගත හැකි බවයි කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.